hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 01, පෙ.ව. 10:48



රාජ්‍ය ආයතන 840කට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ, රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල විද්‍යුත් තැපැල් ලිපිනයන් (Email) රජයේ නිල අන්තර්ජාල පද්ධතිය හරහා (Gov.lk) හරහා ලබා නොගැනීම නිසා තොරතුරුවල රහස්‍යභාවය සහ ආරක්ෂාව සම්බන්ධ ගැටලු උද්ගතව තිබෙන බැවින් එම පද්ධතිය හරහා විද්‍යුත් තැපෑල ලබා ගැනීම සම්බන්ධවයි.

තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මේ බව කියා සිටියේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (29 ) පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු අවධාරණය කළේ, ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

රාජ්‍ය ආයතනවල විවිධ මෘදුකාංග පද්ධති පැවැතියත් ඇතැම් පද්ධති ක්‍රියාත්මක නොවන බවත්, මේ සියල්ල පිළිබඳව සංගණනයක් සිදු කිරීමට නියමිත බවත් ඇමැතිවරයා එහිදී සඳහන් කළා.

එමෙන්ම මෙම මෘදුකාංග පද්ධති පවත්වාගෙන යෑමට අදාල උපදේශන සේවා තාක්ෂණ අමාත්‍යාංශයෙන් ලබාගතයුතු බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් චක්‍රලේඛනයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව ද ඔහු පවසා සිටියා.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: