hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 මැයි 25, පෙ.ව. 5:50



සිය දෙමාපියන් දිනයේ වැඩි කාලයක් නිවසේ නොමැතිව ඉන්ධන පෝලිම්වල සිටීම සහ ඉන්ධන නොමැතිකමින් දෙමාපියන් හිස් අතින් නිවසට පැමිණීම ඇතුලු කරුණු හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින උතුරේ සිසු දරුවන්ගේ මානසිකත්වයට දැඩි ලෙසින් බලා ඇතැයි පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පෙන්වා දෙනවා.

උතුරු පලාතේ පාසල් ළමුන් බහුතරයක් සිය දෙමාපියන් සමග යතුරුපැදියෙන් පාසල් වෙතට පැමිණියද පසුගිය දිනවල ඉන්ධන හිගය සහ විශාල ඉන්ධන පෝලිම් හේතුවෙන් පවුලේ දෛනික කටයුතු මෙන්ම සිසු දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට එය දැඩි ලෙසින් බලපා ඇති බවයි ඒෂියන් මිරර් වෙත වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්ධන මිල ගණන්ද අධික ලෙස ඉහල යාමත් සමග උතුරේ බොහෝ දෙමාපියන් කෑමට බීමට පවා වෙන්කොට ඇති මුදල් ඉන්ධන වෙනුවෙන් වෙන්කිරීම හේතුවෙන් ඇතිව තිබෙන ආර්ථික ගැටලු සිසු දරුවන්ගේ මානසිකත්වයට දැඩි ලෙසින් බලපෑමෙන් එය අධ්‍යාපනයටද බාධාවක් වී ඇතැයි උතුරේ අධ්‍යාපන බලධාරීන් වැඩිදුරටත් පවසා සිටිනවා.