hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 02, පෙ.ව. 12:03



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන් ඇති වුවහොත් ඒ සඳහා ද අවශ්‍ය කටයුතු සිදු කිරීමට ද සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කර සිටිනවා.

එමෙන්ම ජයසුන්දර මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ, සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම හෙට (03) සිදු කරන බවයි.

වර්ෂාව හේතුවෙන් සිසුවෙකුට විභාගය පවත්වන මධ්‍යස්ථානය වෙත ළඟා වීමට අපහසුතාවක් ඇති වුවහොත් ඒ පිළිබඳව ‘117’ ක්ෂණික දුරකතන අංකය අමතා දැනුම් දිය හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් 459,979ක් පෙනී සිටින අතර විභාග මධ්‍යස්ථාන 3527කදී විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: