hit counter

2024 සැප්‍තැම්‍බර් මස 27 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 11:41



අධාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැතිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට නිලධාරින්ට උපදෙස් දුන් බවයි.

මෙතෙක් ප්‍රමාද වු සියලු විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත්කරන ලෙසට විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ද අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදී තිබෙන බව ද ප්‍රකාශ කළේ ය.

මේ අතර පාසල් උත්සව සඳහා දේශපාලනඥයින් ගෙන්වීම වහාම නතර කරන ලෙසටද මෙහිදී උපදෙස් දී ඇති බවයි, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කළේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: