hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 13, පෙ.ව. 10:02



මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි කැකිරාව ප්‍රදේශයේ සිසුන්ට සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස්ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

පසුගිය 8 දා පැවැති ගිණුම්කරණ විෂයට අදාළ පළමුවන ප්‍රශ්න පත්‍රය සඳහා කැල්කියුලේටරය පාවිච්චි කිරීමට අවස්ථාව ලබාදී නොමැති නමුත් එහි දෙවැනි ප්‍රශ්න පත්‍රය සඳහා ඊට අවස්ථාව දී තිබෙනවා.

කෙසේ වුවද මෙම අසාධාරණය සිසුන් 6 දෙනෙකුට පමණ සිදුව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වන ලිපියක් කැකිරාව මධ්‍ය විද්‍යාලයේ ඉමාෂා දිල්හානි සිසුවිය විසින් විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකර ඇතැයි වාර්තා වෙනවා.

අදාළ ලිපියේ පිටපතක් විභාග කොමසාරිස් ජනරාල්වරයාට අමතරව උතුරු මැද පළාත් අධ්‍යාපන කාර්යාලයටත් කලාප අධ්‍යාපන කාර්යාලයටත් යොමුකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සාධාරණයක් අපේක්ෂා කරන බව ඉමාෂා දිල්හානි සිසුවිය සදහන් කරනවා.

කෙසේ වුවද උසස් පෙළ ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රය සඳහා ඉඩ නොදුන් කැල්කියුලේටර් යන්ත්‍ර භාවිත කිරීමට දෙවැනි ප්‍රශ්න පත්‍රයට අවසර හිමි වූ බවද ඒ සම්බන්ධයෙන් විභාග ශාලාධිපතිවරයා දැනුවත් කළ බවද එම සිසුවිය සදහන් කර සිටිනවා.

කෙසේ වුවද මෙලෙස අදාළ සිසුන් රැගෙන ගිය කැල්කියුලේටර් යන්ත්‍ර නුසුදු ඒවා බවට සදහන් කරමින් පරීක්ෂකවරයා විසින් ඉවත්කර තිබෙන අතර ඒ හේතුවෙන් මහත් අපහසුතාවයට පත්ව තිබෙනවා.