hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 මාර්තු 08, ප.ව. 2:23



නීති විද්‍යාලයේ පැවැත්වෙන විභාග සඳහා සිය මවු භාෂාවෙන් පෙනී සිටීමට සිසුන්ට අවස්ථාව සලසාදීමට සතියක් ඇතුළත අවශ්‍ය පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවා.

මේ සම්බන්ධයෙන් තමන් අවස්ථා කිහිපයකදී නීති අධ්‍යාපන සභාව දැනුවත් කර ඇති බවද තවදුරටත් ඔවුන් සමඟ සාකච්ඡා කර සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව අනුව සිසුන්ට සාධාරණයක් ඉටු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

2013 වසරේදීද මෙවැනි ගැටලුවක් ඇති වූ අවස්ථාවේදී අධිකරණ අමාත්‍යවරයා වශයෙන් තමන් සිසුන්ට සාධාරණය ඉටු කිරීමට කටයුතු කළ බවත් මෙම ගැටලුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර හෝ සම්මත කරගැනීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ට සිංහල, දෙමළ භාෂාවලින් විභාග සඳහා පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් නීති විද්‍යාලයේ සිසුන් පිරිසක් බත්තරමුල්ල, පොල්දුව මංසන්ධියේදී ඊයේ (07) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූ අතරතුර එම ස්ථානයට ගිය අමාත්‍යවරයා සිසුන්ට එම පොරොන්දුව ලබාදුන්නා.

අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දුවෙන් පසු උද්ඝෝෂණයේ නිරතව සිටි සිසුහු විසිර ගියා.