hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 09, පෙ.ව. 6:29



උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද වීම නිසා මේ රටේ විභාග කාලසටහන් සැලසුම් තවත් කල්යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසුවා.

දෛනික ගෙවීම රුපියල් දෙදහසකට සීමා කිරීම හේතුවෙන් ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් ඉල්ලුම් නොකරන බවද ඔහු පෙන්වා දුන්නා.

මෙහිදී තවදුරටත් කතා කළ ජෝෂප් ස්ටාලින් මහතා,

“ගුරුවරුන් අයදුම් නොකරන්න හේතුව උත්තර පත්‍ර ඇගයීම සඳහා ගෙවන දීමනාව අවම මට්ටමක පැවතීමයි. 22 දා සිට ඇගයීම් කටයුතු ආරම්භවෙලා නැහැ. මේ නිසා වෙන්නේ සම්පූර්ණයෙන් ඉදිරි විභාගත් කල් යෑමයි. අධ්‍යාපන ඇමැතිවරයා, මේ දීමනා මදි නිසා රුපියල් 3000කින් දීමනාව වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා. මේ කැබිනට් පත්‍රිකාවෙනුත් දෛනික දීමනාව රුපියල් 2000යි දීලා තියෙන්නේ. මේක ප්‍රමාණවත් නැහැ.”