hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 22, පෙ.ව. 11:56



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට (23) මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඊට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට වු බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම ද සම්පූර්ණයෙන් ම තහනම් වනු ඇති.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩ කරයි නම් හෝ උල්ලංඝණය කරයි නම් ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජූනි 8 වන දා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතයි.