hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 29, පෙ.ව. 10:34



වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මරණ දඬුවම ලැබූ එක් අයකු ඇතුළු පස් දෙනකුද වටරැක බන්ධනාගාරයේ රැඳවූවන් පස් දෙනකුද මෙම විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවැසුවා.

විභාගය සඳහා පෙනී සිටින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් පිරිස නව මැගසින් බන්ධනාගාරයේ ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථානයේදී හා වටරැක බන්ධනාගාරයේ රැඳවූවන් පිරිස එම බන්ධනාගාරය තුළ ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථානයේදී පෙනී සිටින බවද ඒකනායක මහතා සඳහන් කළා.

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි විභාගයන් සඳහා පෙනී සිටින රැඳවූවන්ගේ සංඛ්‍යාව පෙරට වඩා ඉහළ ගොස් ඇති බවද එසේ අධ්‍යාපන කටයුතු සඳහා උනන්දුවක් දක්වන සියලුම රැඳවූවන්ට අවශ්‍ය පහසුකම් බන්ධනාගාර තුළින් ලබාදී තිබීම ඔවුන් ඒ සඳහා යොමුවීමට ප්‍රධාන හේතුවක්වී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩිදුරටත් පැවැසුවා.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) සිට ජුනි මස 8 දින දක්වා පැවැත්වෙනු ඇති.