hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 17, පෙ.ව. 1:03



අපොස සාමාන්‍ය පෙළ විභාගය සිසුන්ගේ සමත් අසමත් භාවය පරීක්ෂා කරන විභාගයක් ලෙස පවත්වන්නේ ද එසේ නැතහොත් වෙනත් ක්‍රමයකයට අනුව පවත්වනවා ද යන්න ඉදිරියේදී සලකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඊයේ(16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 7,342කට ගුරු පත්වීම්ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම ඉංශ්‍රීසි භාෂාවේ වැදගත්කම සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අදහස් දක්වමින් කියා සිටියේ ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බවයි

මීට අමතරව කෘතිම බුද්ධිය නවීන තාක්ෂණයට එක් වීමත් සමග මේ වන විට අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් සිදු වෙමින් පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ඉදිරියේ දී විද්‍යා පීඨ ශික්ෂණ ඩිප්ලෝමාව සිව් වසරක් දක්වා දීර්ඝ කර උපාධි පාඨමාලාවක් දක්වා සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව ඩිප්ලෝමාව සම්පූර්ණ කළ ගුරුවරුන්ට එය උපාධියක් දක්වා වර්ධනය කරගැනීමේ අවස්ථාව සලසා දෙන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.