hit counter

2026 අප්‍රේල් මස 14 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 14, පෙ.ව. 12:07



උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ පාසල් දරුවන්ට දෙවන වාරය සඳහා ලබා දුන් කෘෂි හා ආහාර තාක්ෂණය විෂයට අදාල, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5කට පිළිතුරු සපයන ලෙසට ප්‍රශ්න පත්‍රයේ සටහන්ව තිබුණද, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4 ක් පමණක් මුද්‍රණය කර තිබීම හේතුවෙන් පාසල් දරුවන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

ඉකුත්දා පැවැති දෙවන වාරයේ මෙම ප්‍රශ්න පත්‍රය උතුරු මැද පළාතේ දරුවන්ට ලබා දී තිබූ අතර සාමාන්‍යය ක්‍රම වේදය වන්නේ ප්‍රශ්න 7ක්, ලබා දී ප්‍රශ්න 5ට පිළිතුරු සැපයීම එහිදී අනිවාර්යෙන් පළමු ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයිය යුතු අතර ඉතිරි ප්‍රශ්න 6න්, 4ක් තෝරා ගෙන පිළිතුරු සැපයිය යුතුයි.

ඉදිරි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට මෙම විභාගය පෙරහුරුවක් වුවද, මෙලෙස ප්‍රශ්න පත්‍රය වැරදි සහගත ලෙස මුද්‍රණය කිරීම හේතුවෙන් ඉදිරි සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන දරුවන්ට ගැටලුවක් ඇති වන බව මෙහිදී දෙමව්පියෝ පැවසූවා.

උතුරු මැද පළාතේ මෙවර දෙවන වාරයේම 6 වසර ඉතිහාසය ප්‍රශ්න පත්‍රය 2019 වසරේ වයඹ පළාතට ලබා දුන් ප්‍රශ්න පත්‍රය වීම පිළිබඳවද ඉකුත්දා මාධ්‍ය මගින් අනාවරණය කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: