hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 22, ප.ව. 5:52



පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි උසස් පෙළ විභාගය පවත්වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ, උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) නිෂ්ප්‍රභවීම සහ ඉල්ලා අස්කර ගැනීමත් සමඟයි.

එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්‍රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා අස්කරගනු ලැබුවා.

මේ අනුව පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වන දා සිට 31 දක්වා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: