hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 24, පෙ.ව. 9:16



මේ දිනවල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම ගැන එම විභාගය ලියු දූ දැරියන් අපේක්ෂාවෙන් සිටියි.

එවන් පසුබිමක් තුළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම ගැන විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ මෙවැන්නකී.

ඒ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ දිනවල විභාග ප්‍රතිඵල පරිගණක ගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් සිටින බවයි.

කෙසේ වෙතත්, පසුගියදා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ සඳහන් කළේ ඉදිරි දින දෙක තුල සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කළ හැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: