hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 27, පෙ.ව. 12:04



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සතියක් ඇතුළත නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා අවධාරණය කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවයි.

2022 වසර සඳහා වන සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මස 29 වනදා සිට ජුනි මස 08 වනදා දක්වා පැවැත්විය.

මේ අතර විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ, මෙවර විභාගයේ ප්‍රතිඵල දින 45ක් ඇතුළත නිකුත් කරන බවයි.

මේ අතර කොමසාරිස්වරයා අදහස් දක්වමින්  පැහැදිලි කළේ, ප්‍රතිඵල පසුගිය දිනයන්හි නිකුත් කරන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

කෙසේ වෙතත්, ඊයේ දින වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා තිබුනේ ඉදිරි දින 4 හෝ 5 තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: