hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 29, පෙ.ව. 11:30



ලබන වසරේ (2023) සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80ක් වත් පාසලට පැමිණිම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80 නොපැමිණෙන සිසුනට අධ්‍යාපන පොදු සහතික පත්‍ර  උසස් පෙළ විභාගයට පෙනී සිටිමට අවස්ථාව නොලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එහෙත් 2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම නීතිය බල නොපානා බව ද ඔහු පෙන්වා දෙනවා.