hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 01, ප.ව. 2:51



මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර 52ක් කසළ ගොඩක තිබී විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හමුවී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ්‍ ස්ටාලින් මහතා පවසයි.

උත්තර පත්‍ර ඇගැයීම් අවසානයේදී ඉවතලන කඩදාසි පාර්සලයකට මෙම පිළිතුරු පත්‍ර දමා කසළ ලෙස ඉවත දමා තිබෙන බවයි, ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ.

විභාග පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ දමන මෙම සිදුවීමට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළා.

ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුව විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් සිදුකළ යුතු බවත්, මෙවැනි සිදුවීම් අත්වැරැදීම් ලෙස සලකා ඉවත නොදැමිය යුතු බවත් ඔහු කීවේ ය. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාදයට මෙම පිළිතුරු පත්‍ර ඉවත දැමීමේ සිදුවීම හේතුවක් වී ඇතැයිද ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් අවධාරණය කළා.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නිලධාරීන්ගේ නොසැලකිල්ල හා අඩු අවධානය හේතුවෙන් අර්බුද ගණනාවක් නිර්මාණය වී ඇතැයි පැවසූ ප්‍රධාන ලේකම්වරයා, වෘත්තීය සමිති දිගින් දිගට ම මෙම කරුණු පෙන්වා දුන්නද බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි සඳහන් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: