hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 07, ප.ව. 12:05



2023 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සමාධි අනුරාධා රණවක සිසුවියට උපහාර පිදීමේ උත්සවයක් මහාමායා බාලිකාවන් විසින් පසුගියදා සංවිධානය කොට තිබිණ.

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය, මහාමායා සිසුවියන් හා ආදී ශිෂ්‍ය සංගමයේ  සංවිධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ  ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය මහමායා විද්‍යාලයිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

දිවනේ ප්‍රථම ස්ථානය ලබාගත් සමාධි අනුරාධා රණවක සිසුවියට හා මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහල සාමාර්ථයන් ලබාගත් සෙසු සිසුවියන් ඇගයීමද මෙහිදී සිදු කෙරිණ.

ආදී ශිෂ්‍ය සංගමය හා මහජන බැංකුව මගින් අනුරාධා රණවක දියණියට මුල්‍ය ප්‍රධානයක් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සදහා සමාධි අනුරාධා රණවක දියණියගේ දෙමාපියන් වන මධ්යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක මහතා  හා එම මහත්මිය, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පියදාස අමරසුරිය, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ, ඇතුළු නිලධාරින් පරිසක් සහභාගි වූවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: