hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 17, පෙ.ව. 9:26



2023 වසරට අදාල උසස්පෙළ විභාගය පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ උසස්පෙල විභාගය තවත් සති හතරකින් කල් යන බවට සමාජ මාධ්‍ය වල විවිද සමූහයන් තුළ සාකච්ඡා වන පසුබිමකදියි. දරුවන් පිරිසක්ද විභාගය කල් දමන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ පසු ගියදා ලිපියක්ද භාරදී තිබුණා.

කෙසේ වුවද අමාත්‍යවරයා උත්සවයකදි කියාඅ සිටියේ මෙවැනි දේ ටියුශන් ගුරුවරුන් විසින් සිදු කරන බවයි.

කෙසේ වෙතත් තවත් මසකින් සතියකින් යනාදි ලෙස විභාගය කල් යන බවට සමාජ මාධ්‍යයේ මෙන්ම උසස්පෙළ සිසුන්ගේ වට්සැප් සමූහ වල මත පල වුවද කිසිසේත්ම විභාගය කල් දැමීමක් නැවත සිදු නොවන බව අධ්‍යපන අමාත්‍යවරයා සදහන් කරනවා.

මේ වන විට විභාග අයදුම් පත්‍ර ද නිකුත් කර ඇති පසුබිමකදි එවැන්නක් සිදුවීමට ඉඩක් නොමැති බවයි අමාත්‍යවරයා ඊයේ කොළඹදි පැවති උත්සවයකින් අනතුරුව කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: