hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 24, ප.ව. 1:59



අධික වර්ෂාවත් සමග නිසි කළමනාකරණයකින් සහ සැලැස්මක් රහිතව ඉදිකළ මෙරට ප්‍රධාන පෙළේ ස්ථාන ජලයෙන් යටවන අයුරු දැක්වෙන ප්‍රවෘත්ති අප වෙත නොයෙක් අවස්ථාවල දී වාර්තා වනවා.

එලෙස ගංවතුරට යට වූ තවත් එවැනිම ස්ථානයක් ඒෂියන් මිරර් වෙත වාර්තා වුණා.

ඊයේ (23) දිනයේ දී ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලය ද ගංවතුරෙන් යට වී තිබෙනවා.

විද්‍යාලට ඇතුළු වන මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ගොස් තිබීම හේතුවෙන් විභාගයට පෙනී සිටීම සදහා පැමිණි දරුවන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

එමෙන්ම ශාලා ඇතුළත තිබූ මේස සහ පුටු සියල්ලද වැසි ජලය හේතුවෙන් හානියට පත්ව තිබුණු බවත් පුත්තලම යුධ හමුදා කදවුරේ නිලධාරීන් සහ සෙබළුන් වහා පැමිණ ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේම ජලයෙන් යට නොවූ ශාලාවක් වෙත මේස සහ පුටු රැගෙන යන ආකාරයක්ද දක්නට තිබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව පැය 02 ක පමණ කාලයක් ප්‍රමාද වී විභාග ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර වැස්සත් සමගම පුත්තලම සහ අවට ස්ථාන කීපයක විදුලිය ඇණ හිට තිබී ඇති අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයම අදුරු ස්වභාවයක් ගෙන තිබු බවත් වාර්තා වෙනවා.

විදුලිය ඇණ හිටීම සහ පවතින අදුරු ස්වභාවයද විගායට පෙනී සිටින දරුවන්ට බාධවක් වී ඇති බවක්ද දක්නට තිබු බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.