hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 26, පෙ.ව. 10:21



කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන් යළිත් මුව ආවරණ පලඳින ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ලෙස නිර්දේශ කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඒ අනුව ජනතාව පොදු ප්‍රවාහනයේ දී මෙන්ම පොදු ස්ථානවලට ඇතුළු වීමේ දී මුඛ ආවරණ පැළදීම සිදු කළ යුතු බවයි.

එය නීතියක් වශයෙන් පැනවීමක් සිදුනොකළ ද සියලු ජනතාව මුව අවරණ පැලඳීම මෙම අවස්ථාවේ අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මාස කිහිපයකට පසු මෙරටින් කොවිඩ් -19 වෛරස් ආසාදිතයින්ගේ මරණ වාර්තා වීම ද ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 75 දෙනෙකු වාර්තා වුණා.