hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 11, ප.ව. 4:12



ඇතැම් ස්වාමීන් වහන්සේ සහ කාදිනල් හිමියන්ගේ ප්‍රකාශ තුළින් මැයි 09 වැනිදා ගාලු මුවදොර අරගල භූමියට ප්‍රහාර එල්ල කිරීමට උත්තේජනයක් සැපයූ බවට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් නිළ නිවසේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී පියතුමන් කියාසිටියේ අමාත්‍යවරයාගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවයි.

අමාත්‍යවරයා සිදුකරනු ලබන්නේ බරපතල චෝදනාවක් බව ද උන්වහන්සේ සඳහන් කළා. 

එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දක්වා සිටියා,

“9 වෙනිදා සිද්ධ වෙච්ච ප්‍රචණ්ඩකාරී ක්‍රියාව කරන්න මිනිස්සුන්ව ඇවිස්සුවේ කාදිනල් හිමිපාණන් සහ කතෝලික පූජා ප්‍රසාධි තුමන්ලා කියලා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනවා. අපි මේ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙනුත් අපි දකින්නේ ආගම්වාදී, ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාමාර්ගයක්. දැන් ඒකෙන් මිදෙන්න තවමත් දේශපාලන නායකයන්ට බැරි වෙලා තියෙනවා. අපි රජයටත්, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාටත් කියන්නේ මේ විදියේ බියගුළු ප්‍රකාශයන් සිදු කරන්නේ නැතුව පාර්ලිමේන්තුව වගේ උත්තරීතර ආයතනයක් මේ විදියට දූෂණය කරන්නේ නැතුව පරීක්ෂණ හරියට කරලා නියම දුෂිතයන් කවුද කියලා අපරාධකරුවන් කවුද කියලා හොයා ගන්න.”