hit counter

2026 ජූනි මස 24 වන බදාදා

2026 ජූනි 24, පෙ.ව. 11:47



 2026.06.17 දින තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුල තිබී වයස අවුරුදු 33 ක් වූ වැලිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ මෘත ශරීරයක් හමුවීම සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිස් ස්ථානය මගින් හා එම සිදුවීම නුවරඑළිය පොලිස් වසමේ සිදු වූ සිදුවීමක් හේතුවෙන් එහි වැඩිදුර විර්මශන නුවරඑළිය පොලිසිය මගින් ආරම්භ කර තිබුණි.

මෙම කාන්තාවගේ මරණයට සැකපිට එම මියගිය කාන්තාවගේ පෙම්වතා සම්බන්ධයෙන් විර්මශන සිදුකර එම පුද්ගලයා 2026.06.24 දින අළුයම් කාලයේදී යාපනය ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 43 ක් හා සැකකාරිය අවුරුදු 35 ක් වන පල්ලේකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මෙම සැකකරු සම්බන්ධව මෙතෙක් සිදුකල විර්මශනයේදී, මීට පෙර සිදු කරන ලද අපරාධයන් සම්බන්ධයෙන් ගම්පහ, අළුත්කඩේ, තිස්සමහරාමය, කඩුවෙල හා හොරණ ගරු අධිකරණවල මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති අතර එම අපරාධ පහත පරිදි වේ.

විවාහ වන බව පවසා රුපියල් 11,873,000/- ක (එක්කෝටි දහඅට ලක්ෂ හැත්තෑතුන්දාහක) මුදලක් වංචා කිරීම හා කාර් රථයක් නීති විරෝධී ලෙස භාවිතා කිරීම හා වංචා කිරීම සම්බන්ධයෙන් ගම්පහ ගරු මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

විවාහ වන බව පවසා රුපියල් 1,721,000/- ක (දාහත්ලක්ෂ විසිඑක්දාහක) මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අළුත්කඩේ අංක 05 ගරු මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

විවාහ වන බව පවසා රුපියල් 1,376,000/- ක (දහතුන්ලක්ෂ හැත්තෑහයදාහක) මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අළුත්කඩේ අංක 05 ගරු මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

විදේශ රටවලින් වාහන ගෙන්වන බව පවසා රුපියල් 2,200,000/- ක (විසිදෙලක්ෂයක) මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිස්සමහාරාම ගරු මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම සැකකරුට එරෙහිව අලුත්කඩේ, හොරණ හා කඩුවෙල යන ගරු මහෙස්ත්‍රාත් අධිකරණවල පවරන ලද නඩු 04 ක් විභාග වෙමින් පවතී.

විදේශගත කරන බවට පවසා රුපියල් 4,200,000/- ක (හතලිස්දෙලක්ෂයක) මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අලුත්කඩේ ගරු මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

මිය ගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: