hit counter

2026 ජූනි මස 24 වන බදාදා

2026 ජූනි 24, පෙ.ව. 10:12



ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඒ, මෙරට සංචාරයක නිරත අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී, ජෙනරල් කෙවින් බී. ෂ්නයිඩර් (General Kevin B. Schneider) මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතරයි.

මෙම නිල හමුවේදී ආරක්ෂක ලේකම්වරයා විසින් ජෙනරල් ෂ්නයිඩර් මහතාව උණුසුම් ලෙස පිළිගත් අතර, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙහිදී අගය කිරීමට ලක් කෙරුණි . විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනය, සුරක්‍ෂිතතාවය සහ ආරක්ෂක අංශවල ප්‍රගතිය වෙනුවෙන් අමෙරිකාව ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කර සිටියහ .

මීට අමතරව, නැගී එන තාක්‍ෂණික හා උපායමාර්ගික අවශ්‍යතා හඳුනා ගනිමින්, ඉදිරියේදී දෙරටටම පොදු ආරක්ෂක අභියෝගයන් ජයගත හැකි අවස්ථා පිළිබඳවද මෙහිදී දෙපාර්ශවයේම අවධානය යොමු විය .

මෙම නිල හමුව සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස් (Lieutenant Colonel Matthew House) මහතා ද එක්ව සිටියහ.