hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 12, ප.ව. 8:50



ගම්පොළ ප්‍රදේශයේ ඔසුසැලක සේවය කළ ෆාතිමා මුනබුරා නම් තරුණිය සේවා ස්ථානය වෙත යාම සඳහා ඉකුත් ඉරිදා උදෑසන නිවසින් පිටත්ව ඇති බවත් ඇය දින 6ක සිට අතුරුදන්ව ඇති බවත් අනාවරණ කළා.

තරුණිය විසි දෙහැවිරිදි ගම්පොල, වැලිගල්ල, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

බස් රථයකට ගොඩවීම සඳහා නිවසේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් පා ගමනින් වැලිගල්ල දක්වා යා යුතු අතර එම මාර්ගයේ බොහෝ ස්ථාන පාලු ස්වභාවයක් ගන්නවා.

ෆාතිමාගේ නිවසේ සිට මේ සියයක් පමණ ඉදිරියට යාමේදී හමුවන ඇල්පිටිය මුස්ලිම් පල්ලියේ සීසීටීවී කැමරාවෙහි ඇය මාර්ගයේ ගමන් කරන අයුරු සටහන්ව තිබුණා.

ඉන් තවත් මීටර් පනහක් පමණ ඉදිරියට යාමේදී හමුවන සීසීටීවී කැමරාවේ ෆාතිමාගේ දර්ශනයක් සටහන් වී නොතිබූ අතර කිසිඳු ප්‍රදේශවාසියෙකු ඇය දැක තිබුණේ නැහැ.

ඒ අනුව ගම්පොල පොලීසිය සහ ප් රදේශවාසීන් වැලිගල්ල මහවැලි ගඟ ඉවුර හා ඒ අසල කැලෑබද ප්‍රදේශ ඊයේ සෝදිසි කළා.

සිද්ධියට සැකපිට කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ගම්පොල පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර ප්‍රදේශයේ එළුවන් බලා ගන්නා අයෙකු අත්අඩංගුවට ගැනෙන්නේ ඒ අනුවයි.

එහිදී සැකකරු පොලිසියට පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ තමා තරුණියට අතවර කිරීමට උත්සාහ කළ බවත් ඇය ඊට එරෙහි වීම නිසා තරුණිය අසල කැලෑබද ප්‍රදේශයට ඇදගෙන ගොස් ඝාතනය කර වළ දැමූ බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා මෙසේ අදහස් පළ කළා,

“එක් සැකකළ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණා ඒ ප් රදේශයේ එළුවන් ඇති කරන පුද්ගලයෙක්. ඔහු අ එළුවන්ට ආහාර සඳහා තණකොළ කැපීමට ගිහිල්ලා තියෙන අවස්ථාවක උදෑසන මේ තරුණිය ඒ මාර්ගයේ ගමන් කරනවා. ඒ ගමන් කරන අවස්ථාවක ඔහු උත්සාහ කරලා තියෙනවා. යම්කිසි අතවරයක් කරන්න. ඇය එයට ප්‍රතික්ෂේප කිරීම නිසා මේ පුද්ගලයා විසින් මේ තරුණිය ඒ ආසන්නයේ යම් කැලෑබද ප්‍රදේශයකට බලහත්කාරයෙන් අරගෙන ගොස් තිබෙනවා. එහිදී ඇය ඝාතනය කරලා තිබෙන බව තමයි දැනට නිරීක්ෂණය වෙන්නේ. ඒ ප්‍රදේශයේ ඒ ස්ථානයකම වළදාලා තියෙනවා. නමුත් මෘත ශරීරය මෙතෙක් හමුවීමක් වුණේ නැහැ.”