hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 08, පෙ.ව. 10:26



සමාජ ජාලා ඔස්සේ අපහාස කිරීම් සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි අයුරින් සමාජ ආරක්ෂක පනත් කෙටුම්පතක් මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් මෙම සමාජ ආරක්ෂක පනත (Online Protection Act) ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

වසර තුනක් තිස්සේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ප්‍රමාදවෙමින් තිබුණ මෙම පනත වහාම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

සිංගප්පූරු රජයේ ප්‍රවීණයන්ගේද සහාය ගනිමින් මෙම පනත සකස් කර ඇත්තේ අධිකරණ අමාත්‍යාංශය පත් කළ විශේෂ කමිටුවක් මගිනි.

හිටපු අධිකරණ ඇමැති අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් මෙම පනත ගෙනඒම සඳහා කටයුතු යෙදුණු අතර ඔහුගෙන් පසුව අධිකරණ ඇමැති ලෙස පත් වූ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ උපදෙස් මත පනත ගෙන ඒමේ අවසන් අදියර ක්‍රියාත්මක වුණා.

මෙම පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර නිරීක්ෂණය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යවා නීතිපති උපදෙස්ද ලබාගෙන තිබෙනවා.