hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 ජූනි 21, පෙ.ව. 3:05



මී උණ රෝගය හා සමාන මිලියොයිඩෝසිස් හෙවත් පාංශු උණ රෝගය දිවයිනේ පළාත් කිහිපයක මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

කොළඹ ඊයේ (20) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති මහාචාර්ය ඉනෝකා කොරෙයා කියා සිටියේ මෙම රෝගී තත්ත්වය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්, වයඹ පළාතේ පුත්තලම, කුරුණෑගල දිස්ත්‍රික්කවලින් මෙන්ම දකුණු පළාතෙන් ද වාර්තා වන බවයි.

ඔවුන් පෙන්වා දුන්නේ මෙම රෝගය මාරාන්තික විය හැකි බවයි.

පවතින වැසිසහිත කාලගුණයත් සමග ජලයෙන් සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා මෙලියඩෝසිස් හෙවත් පාංශු උණ නමැති රෝග තත්ත්වයක් පැතිරෙමින් පවතින බවට එලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

මෙම බැක්ටීරියාව පාදයේ පවතින තුවාල මගින්, අපිරිසිදු ජලය පානය කිරීමෙන් සහ ආඝ්‍රාණය මගින්ද ශරීරගත වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.