2023 ජූලි 03, ප.ව. 5:58
පානදුර වලාන ගාලුපාරේ හෝටලයකදී ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා සම්බන්ධ වූ ආපනාශාලාවේ ගැටලුව දෙපාර්ශවයේම එකඟතාවය මත සමථයකට පත්කිරීමට පානදුර දකුණ පොලිසිය පියවර ගෙන තිබෙනවා.
ඒ දෙපාර්ශවයේම එකඟතාව මත සමන් ද සිල්වා මහතා විසින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් 25,000 මුදලක් ලබාදීමත් සමගයි.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ පැමිණිලි පාර්ශවය සිය අලාභය සම්බන්ධයෙන් මුදල් ලබාගැනීමෙන් පසුව පැමිණිල්ලක් තවදුරටත් විභාග කිරීමට අවශ්‍ය නොවන බව දැනුම්දීමෙන් පසුව දෙපාර්ශවයට අවවාද කර පිටත්කර යවා ඇති බවයි.
පසුගිය 01 වනදා රාත්‍රියේ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ආපනශාලාවක බිලක් නොගෙවා පිටව යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් හටගෙන තිබුණා.
බිල්පත නිරවුල් කිරීමේදී ඇතිවූ කතාබහකින් පසු එහි මුදල් අයකැමිවරයාට සහ වේටර්වරයෙකුට පහරදී ප්ලාස්ටික් පුටු දෙකකට හානිකර ඇති බවට පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය පැවසුවා.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13