hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 26, පෙ.ව. 9:55



ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් සමඟ Future Lanka Research & Development Foundation එකතු වී සිදු කරනු ලබන ලංකාවේ මෙතෙක් තිබූ විශාලතම අන්තර් පාසල් කෙටි චිත්‍රපට තරඟය හෙට (27) චිත්‍රපට සංථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

හොඳම කෙටි චිත්‍රපටය, දෙවන, තෙවන ස්ථාන, ජනප්‍රියම කෙටි චිත්‍රපටය , හොඳම නලුවා, නිළිය, හොඳම තිර පිටපට, හොඳම අධ්‍යක්ෂණය, හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය යන කරුණු වලට සම්මාන ලබා දීමටත් මුදල් ත්‍යාග ලබා දීමටත් සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

දීප ව්‍යාප්තව පාසල් 60 කට අධික සංඛ්‍යාවක් සිංහල, දෙමල, ඉංග්‍රීසි භාශා මාධ්‍ය තුනෙන්ම චිත්‍රපට ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම සමස්තයක් ලෙස ගත් විය සිසුන් 700කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වී තිබෙනවා..

ඉතින් ඉදිරියේදී චන්ද්‍රන් රත්නම් සහ දෙස් විදෙස් සිනමා ක්ශේත්‍රයේ ප්‍රවීණයින් සමඟ ලංකාවේ හැදෙන පලවෙනි International Standard Film Academy එකට මේ සිසුන්ට අවස්ථාව ලබා දීමත් මෙහි තවත් අරමුණක්.