2022 නොවැම්‍බර් 29, පෙ.ව. 9:56
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ඒ සාමාර්ථ 9ක් සමඟින් විභාගය සමත් වූ මහනුවර ප්‍රදේශයේ විදුහලක සිසුවකුගේ සිරුරට භූමිතෙල් ඉස ගිනි තැබීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මෙම සිසුවා අම්පිටිය – පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
තමා ලැබූ ජයග්‍රහණය සිය මිත්තණියට පවසා පියා සමඟ යලි නිවසට එමින් සිටිය දී පෙරේදා කිසියම් පිරිසක් භූමිතෙල් ඉස මෙම ගිනි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අම්පිටිය ප්‍රදේශයේ විවිධ අපචාර සිදු කරන පිරිසක් මෙම ක්‍රියාව සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.
කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සොයා මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි.
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:17