2026 ජූනි 04, ප.ව. 4:56
හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි ”සෙනෙහසේ කැදැල්ල” නමැති වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර මෙම ගින්නට පෙර හා පසු අවස්ථාවේ ක්‍රියා කර තිබෙන නොසැලකිලිමත් කම මත නිවාසයේ භාරකරු ලෙස කටයුතු කළ ‘ලොකු අයියා’ නමින් හඳුන්වන පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
පුද්ගලික වැඩිහිටි නිවාසයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ස්ථානයට අද උදෑසන වනවිට ගින්නෙන් මියගිය අයගේ පවුල්වල උදවියද පැමිණ තිබුණි. ඔවුන් කළ හෙළිදරව්ව අනුව මාසිකව රුපියල් 35,000 ක පමණ මුදලකට මෙම ස්ථානයේ තමතමන්ගේ වැඩිහිටියන් බලාගැනීමට යොමු කර තිබූ බව කියැවිණි.
පැමිණ සිටි ඥාතීන් පවසා තිබුනේ, තමන්ට නිරන්තරයෙන් මාපියන් බලන්නට අවස්ථාව ලැබුනේ නැති බවත් මාසයකට දිනයක් පමණක් අවසරය ලැබුණ බවත්ය. මේ දිනය වනවිට සේවා සලයන අය උනන්දුවෙන් හැසිරුණත් මාසයේ අනෙක් දිනවල තත්වය වෙනස් බවත් බලාගන්න අමාරු අය මේසවල ගැටගසා ඔවුන් ඒ අය දෙස බලන්නේවත් නැතිව නොසැලකිල්ලකින් කටයුතු කළ බව ආරංචිවී තිබූ බවත්ය.
දැනට ලැබෙන තොරතුරු අනුව වාර්තාවන්නේ ගින්න අවස්තාවේ අසල්වාසීන්ද උදව්වී නිවසේ සිටි අය එලියට ගනිමින් ජීවිත බේරාගන්නට දැරූ ප්‍රයත්නය නිසා 72 කින් 54 ක්ම බේරාගෙන ඇති අතර 12 ක් මියගොස් 06 කට පමණ තුවාල සිදුව ඇත. මියගිය අය බේරාගන්නට අපහසුවී ඇත්තේ ඇතැම් අය සිටි තැන්වලම ගැටගසා තිබීම නිසාය. ගිනිදැල් අතරින් යාමට පුළුවන් හැකි සෑම අතටම ගොස් බේරාගන්නට අසල්වාසීන් දැරූ ප්‍රයත්නය අසල පන්සලක ස්වාමීන් වහන්සේ නමකද අගය කර තිබුණි. නමුත් අවාසනාවකට ගැටගැසූ අය නිරපරාදේ මරණයට පත්විය.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයන් 06 දෙනෙකු තවදුරටත් හොරණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය, හොරණ මහෙස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ මහත්මිය විසින් අද පෙරවරුවේදී එම වැඩිහිටි නිවාසයේදී සිදු කර තිබුණි.
ගින්නට හසුව පිළිස්සී තිබූ මළ සිරුරු මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පිටතට ගැනීමද සිදුවිය.
ගින්නෙන් බේරාගත් පිරිස බටගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ තාවකාලිකව නවාතැන් ගැන්වුණු අතර පසුව එම පිරිස යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක් වෙත ආරක්ෂිතව යොමු කර ඇත. ගිනිගත් වැඩිහිටි නිවාසයේ හිමිකරු මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙන අතර ඔහුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
2026 ජූනි 04, ප.ව. 3:26
2026 ජූනි 04, ප.ව. 3:19
2026 ජූනි 04, ප.ව. 2:33
2026 ජූනි 04, ප.ව. 1:08
2026 ජූනි 04, ප.ව. 1:06
04-06-26
04-06-26
04-06-26
04-06-26
29-10-25
29-10-25
29-10-25
29-10-25
30-09-22
30-09-22
29-09-22
29-09-22