2022 ජූලි 27, ප.ව. 12:06
පුස්සැල්ලාව පොලිස් වසමට අයත් රයිලන් පුද්ගලික තේ කර්මාන්ත ශාලාව ඊයේ (26) රාත්‍රීයේ ගිනි ගැනීමටකට ලක්ව සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි පුස්සැල්ලාව පොලීසිය පවසයි.
ගිනි ගැනීමෙන් කර්මාන්ත ශාලාව, එහි උපකරණ හා සැකසීමට රැගෙනවිත් තිබු තේ දලු ඇතුළු භාණ්ඩ රැසක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගිනි නිවන රථ තේ කර්මාන්ත ශාලාවට විශාල දුරකින් පිහිටි මහනුවර නගරයේ පැවැතීම හේතුවෙන් කර්මාන්ත ශාලාවේ හටගත් ගින්න නිවා දැමීමට නොහැකි වු බව වතු කම්කරුවෝ පවසනවා.
මෙම ගිනි ගැනීමෙන් කර්මාන්ත ශාලාවට සිදුව ඇති හානිය මෙතෙක් ගණන් බලා නැත.
ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මේ පිළිබඳව පුළුල් විමර්ශණයක් සිදු කිරීමට පුස්සැල්ලාව පොලීසිය පියවර ගෙන තිබෙනවා.





හැටන් – ජී.කේ.ක්‍රිෂාන්තන්
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:49
2026 අප්‍රේල් 27, පෙ.ව. 9:50
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:17