hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 14, ප.ව. 6:58



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියේ පුද්ගලික සංචාරයකට බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයාට සිංගප්පූරුවට ඇතුලු වීමට අවස්ථාව ලබාදී ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහා බවයි එරට විදේශ අමාත්‍යංශය පවසන්නේ.

ඔහු දේශපාලන රැකවරණය ඉල්ලා නොමැති බවත් වෙනත් කිසිදු ආරක්ෂාවක් ද ලබාදී නොමැති බවක් එම අමාත්‍යංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සාමාන්‍යයෙන් සිංගප්පූරුව සරණාගත ඉල්ලීම්වලට අවස්ථාව ලබා නොදෙන රටක් ලෙසට සැලකෙනවා.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය අද පස්වරුවේ මාලදිවයිනේ සිට සිංගප්පූරුවට ළඟා වූණා.

ගෝඨාභය රාජපක්ෂ මහතා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂකයින් දෙදෙනෙක් සෞදියා ගුවන් සේවයේ යානයේ සිටි බව ගුවන් තොටුපල නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ මෙතෙක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දී නැහැ.

කථානායකවරයා මීට පෙර ප්‍රකාශ කළේ 13 වැනිදා රාත්‍රී 12ට පෙර අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදෙන බවට ජනාධිපතිවරයා තමන්ට පැවසූ බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ආර්යාව සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ඊයේ අලුයම මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකින්.

ඔහු සිංගප්පූරුවට ගොඩබැසීමෙන් පසුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට ලැබීමට සලස්වන බවද මීට පෙර වාර්තා වුණා.