hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 27, ප.ව. 8:13



දරුවන්ගේ ආහාර දීමනාවෙන් විදුහල්පතිනියක සැමියාගේ උපන්දින සාදයට කෑම ලබාගෙන ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොබැලීමට අද එම විදුහලට ගොස් පරික්ෂණ කටයුතු ආරම්භ කළ බව හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ යමුනා ගීතාංජලී මහත්මිය පැවැසුවා.

තමා එම විදුහලට ගොස්  විදුහල්පතිනයෙන් සහ තවත් කීප දෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් බව ද යමුනා ගීතාංජලී මහත්මිය කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව අධ්‍යාපන බලධාරීනට යොමු කරන බව ද කලාප අධ්‍යාපන අධ්‍යෂවරිය කියා සිටියා.