hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 03, පෙ.ව. 10:42



පෙරේදා (01) රාත්‍රී 8.15 ට මඩකලපුවේ සිට කොළඹ බලා පිටත් වීමට නියමිතව තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ආපන ශාලාව සෞඛ්‍ය අංශ විසින් හදිසියේම වටලා තිබෙනවා.

මෙහිදී මගීන්ට අළෙවි කිරීමට සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව විසින් සොයා ගෙන තිබෙනවා.

කැරපොත්තන් ද ආහාර ද්‍රව්‍යවල සිටියදි සොයා ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

සොයා ගන්නා ලද පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අළෙවිසලේ ක්‍රියාකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා.