hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 10, පෙ.ව. 11:38



මෙරට සමස්ත ගෘහ ඒකක අතුරින් සියයට 32ක් ආහාර අනාරක්ෂිතතාවකට මුහුණ දී ඇති බව ලෝක ආහාර වැඩසටහන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එම අගය 2019 වර්ෂය වන විට පැවතියේ සියයට 9.1ක් බව ද එම වාර්තාවේ දක්වා තිබෙනවා.

මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 73ක් ආහාර පරිභෝජනයේදී විවිධ උපාය මාර්ගවලට යොමුවීමට පෙලඹී ඇති බවයි එහි සඳහන් කර ඇත්තේ.

වර්තමානය වන විට මුහුණ දෙන ආර්ථික අපහසුතා හමුවේ මෙරට සියයට 40ක ජනතාව තමන්ගේ දෛනික ආහාර වේල් සංඛ්‍යාව සීමා කර ඇති බව ද එහි දක්වා තිබෙනවා.

කාන්තාවන්ගෙන් පමණක් ආර්ථිකය ශක්තිමත් වන පවුල් ඒකක අතුරින් සියයට 35ක් මේ වන විට උග්‍ර ආහාර අනාරක්ෂිතාවයෙන් පීඩාවට පත්ව ඇති බවයි එහි සඳහන් කර ඇත්තේ.

ඒ අතර ඌව පළාත පළමු ස්ථානයේ පසුවන බව ත් සබරගමු පළාත හා උතුරු මැද පළාත ඉන් අනතුරුව ආහාර අනාරක්ෂිතතාවයෙන් පීඩාවට පත්වෙන බව වාර්තා වී ඇති බව ද එම වාර්තාවේ දක්වා තිබෙනවා.

රටේ සෑම ගෘහ ඒකක 10න් 3ක් ම ආහාර ලබා ගැනීමට හා දරුවන්ගේ පෝෂණය සඳහා ණය ලබා ගන්නා බව ද ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ වාර්තාවේ සඳහන් කර තිබෙනවා.