hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 01, පෙ.ව. 9:21



බුදුන් වහන්සේට මෙන්ම බෞද්ධ සංස්කෘතියට නිගරු වන ආකාරයේ ප්‍රකාශ සිදු කරමින් ආගමික සංහිඳියාවට හානි කිරීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකට එරෙහිව මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන අතර මෙරට කතෝලික සභාව ඒ පිළිබඳව ඊයේ සිය ස්ථාවරය ප්‍රකාශ කළා.

කොළඹ අග රද ගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා මෙසේ අදහස් දක්වා සිටියා,

“ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇති කරලා මේ රටේ ආරක්ෂාවට තර්ජනයක් නිර්මාණය කරලා ඒ ඔස්සේ බලය දිනා ගැනීමට උත්සාහ දරන ඇතැම් දේශපාලකයින් එවැනි අවස්ථා නිර්මාණය කිරීම සඳහා විවිධ පුද්ගලයන් සහ සමාජ මාධ්‍ය සැලසුම් සහගත ලෙස ප්‍රයෝජනයට ගැනීම අතීතයේ ඉඳන්ම මේ රටේ සිදුවෙලා තිබෙනවා. අද ගොඩනගමින් පවතින මෙම ආගමික භේදද, එවැනි කුමන්ත්‍රණයක කොටසක් බව පේන්නට තිබෙනවා. බෞද්ධාගම ප්‍රමුඛ මේ රටේ අනෙකුත් ආගම් වලට අපහාස කර ඇතැයි සැක කරන පුද්ගලයන් පිළිබඳව මෙන්ම ඒ පසුපස සිටින සියලු පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳවත් පුළුල් විනිවිද පෙනෙන සාධාරණ සහ ස්වාධීන විමර්ශන කරලා සත්‍ය එළිදරව් කරගැනීම පොලීසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම බව අපි අවධාරණය කරනවා.”