hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 03, ප.ව. 1:15



මේ වන විට පනවා ඇති හදිසි නීති රෙගුලාසිවලට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් ගොනු කර තිබෙනවා.

ලිබරල් තරුණ ව්‍යාපාරය වෙනුවෙන් එහි සම-කැඳවුම්කරුවන් වන නීතිඥ නාමිනී පණ්ඩිත සහ රුසිරු එගොඩගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම් ගොනු කළා.

පෙත්සම්කරුවන් සඳහන් කොට ඇත්තේ ඉකුත් ජූලි 18 වැනිදා ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12 (1), 13 (1), 13 (2), 13 (5), 14 (1) (a), 14 (1) (b) සහ 14 (1) (c) යන වගන්ති උල්ලංඝණය වී ඇති බව යි.

එමෙන්ම මෙම හදිසි නීති රෙගුලාසි හරහා සාමකාමී සහ නිර්ප්‍රචණ්ඩ මහජන ඒකරාශී වීම් වැළක්වීමට ජනාධිපතිවරයාට බලය හිමිවන බව ප්‍රකාශ කළ පෙත්සම්කරුවන් ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තහවුරු කොට ඇති භාෂණයේ නිදහසට සහ සාමකාමීව රැස්වීමේ නිදහසට බාධා පැමිණවෙන බවද සඳහන් කළා.

ලිබරල් තරුණ ව්‍යාපාරයේ පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ආචාර්‍ය ගෙහාන් ගුණතිලක පෙනී සිටියා.