hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 22, පෙ.ව. 12:04



මේ වනවිට පාරිභෝගිකයා විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට සඳහා රුපියල් 5යි ශත 85ක්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 7යි ශත 50ක්ද, ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 5යි ශත 88ක් සහ සුපර් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 6යි ශත 96ක මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවී ඇත.

ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021ක පමණ මුදලක් වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැදවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශය විසින් පිරවුම්හල් හිමියන් වෙත අදාළ චක්‍රලේකය නිකුත් කිරීමට වසර 08කට වඩා කාලයක් හිතාමතා ප්‍රමාද කිරීම හේතුවෙන් 2014 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ සංස්ථාවට රුපියල් මිලියන 3,416 ක අලාභයක් සිදුකර ඇති බවත් මහා පරිමාණ වංචාවක් සංස්ථාව වෙත සිදු කිරීම සම්බන්ධයෙන් අළෙවි අංශය වගකිව යුතු බවද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත.

මෙම වංචා සඳහා සංස්ථාවේ අභ්‍යන්තර නිලධාරීන් පැහැදිලිවම වගකිව යුතු බවත් එම වංචාව සිදුකිරීමට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව සහ එම නිලධාරීන්ගේ අයතා ක්‍රියා සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින 7ක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසද කෝප් කමිටුව නිර්දේශ කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: