hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2022 ජූනි 18, ප.ව. 6:05



අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසළ ඊයේ රාත්‍රියේ ඇතිවූ කළහකාරී සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 9 දෙනාගෙන් 8 දෙනෙකු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකාර කාන්තාව ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අනිද්දා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.