hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 21, ප.ව. 4:53



අත්‍යාවශ්‍ය සේවා සදහා ඉන්ධන ලබා දෙන මුවාවෙන් පිටස්තර පුද්ගලයින්ට ඩීසල් විකිණීමේ සිදුවීමකට අදාළව ඩීසල් ලීටර් 1020ක් සමඟින් පුද්ගලයින් දෙදෙනෙකු පෙරේදා (19) දින බදුල්ල ලංගමය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ශාන් යාපාරත්න මහතා ඒෂියන් මිරර් වෙත පවසා සිටියා.

බදුල්ල ලංගමය මගින් අත්‍යාවශ්‍ය සේවා සදහා ඉන්ධන (ඩීසල්) ලබා දීමට කටයුතු යොදා තිබුණු පසුබිමක බාහිර පුද්ගලයින්ට වැඩි මිලට ඩීසල් අලෙවි කරන බවට පැමිණිලි ලැබී තිබුණු බවත් ඒ අනුව මෙම වැටලීම සිදුකල බවයි යාපාරත්න මහතා සදහන් කලේ.

ඒ අනුව ලංගමයේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට පැමිණි කුඩා කැබ් රථයක් පරීක්ෂා කිරීමේදී එහි ලීටර් 200 බැරල් පහක් සහ ලීටර් 20 කෑන් දෙකක් හමු වූ අතර එහි අත්‍යාවශ්‍ය සේවා සදහා අදාල කිසිදු ලියවිල්ලක් නොතිබුණු අතර එමෙන්ම දින වෙනස් කරන ලද රිසිට්පත්ද හමු වූ බව පාරිභෝගික නිලධාරීන් පැවසුවා.

ඒ සමගින් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක්ද සමගින් ඉන්ධන තොගය පාරිභෝගික නිලධාරීන්ගේ භාරයට ගත් බවත් ඔවුන්ට විරුද්ධව සහ මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවයි ‍යාපාරත්න මහතා වැඩිදුරටත් සදහන් කලේ.

බදුල්ල – ජයලත් දිසානායක