hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 25, පෙ.ව. 11:16



වව්නියාව වේප්පම්කුලම් ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඉන්ධන බෙදා දීමක් අතරතුරදී පොලීසිය සහ ජනතාව අතර ඇති වූ උණුසුම් තත්වයක් හේතුවෙන් කලහකාරී ලෙස හැසිරුනු පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නෙලුකුලම් පොලීසිය පවසයි.

වේප්පම්කුලම් අයි ඕ සී ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන බෙදා දීම සිදුව ඇති අතර එහිදී ඉන්ධන පෝලිමේ සිටි පිරිස් අතර ඇති වූ ආරවුලක් සමතයකට පත් කිරීම සඳහ පොලීසිය මැදිහත් වීමේදී පොලීසිය සහ පෝලීමේ සිටි තරුණයින් පිරිසක් අතර බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම නොසන්සුන්තාවය හට ගෙන තිබෙනවා.

කලහකාරී ලෙස හැසිරුනු පුද්ගලයින් අද (25) වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද නෙලුකුලම් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

වන්නි – රොමේෂ් මධුෂංඛ