hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 26, ප.ව. 4:23



හැටන් කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණයේ උසස් නිලධාරියෙකු ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථ යොදා ගෙන ඉන්ධන ජාවාරමක් සිදු කරන බව ඉන්ධන බවුසර් රථ රියදුරන් කියා සිටියා.

කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණයේ සිට නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පිහිටි ප්‍රධාන නගර වල පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වලට ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන ප්‍රවාහනය කිරිමේදි එම ගබඩා සංකිර්ණයේ උසස් නිලධාරියෙකුගේ හිස් බූලි කිහිපයක් එම බවුසර් රථයේ පටවා යවා මෙම ජාවාරම සිදු කරන බවයි පැවසෙන්නේ.

ඉන්ධන පිරවුම්හල වෙත ප්‍රවාහනය කරන ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ටැංකිය වෙත නිකුත් කර පසුව එම බවුසර් රථ වල රියදුරන් විසින් රැගෙන එන බූලි වලට ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන මිල දි ගෙන එම ඉන්ධන තොග බවුසර් රථයෙන්ම රැගෙන ගොස් කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය අසල වෙලදසැලකට භාරදෙන බවයි පැවසෙන්නේ.

එම වෙලදසැලේ හිමිකරුගෙන් ඒෂියන් මිරර් අප කල විමසුමකට ඔහු කියා සිටියේ තෙල් ගබඩා සංකිර්ණයේ උසස් නිලධාරියෙකුගේ ඉන්ධන බූලි දෙකක් තමන් වෙත බවුසර් රථයකින් ලබාදුන් බවත්, පසුව ඉන්ධන සහිත බූලි තෙල් ගබඩා සංකිර්ණයේ උසස් නිලධාරියා විසින් රැගෙන යන බවයි.

හැටන් – රංජිත් රාජපක්ෂ