hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 01, පෙ.ව. 4:18



සමස්ත ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වල ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතයට ඉන්ධන ලබාදීම අද (1) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.

මෙම ක්‍රමවේදයත් සමඟ අවසන් ඉලක්කම මත පදනම් අංක තහඩු ක්‍රමය ඇතුළු අනිකුත් සියලුම ක්‍රමවේදයන් අවලංගු වන බවත් කිව්.ආර්. කේතයට අනුගත ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන තොග ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර මුව ආවරණ නොමැතිව පිරවුම්හල් වෙත පැමිණෙන පුද්ගලයින්ට අද (01) සිට ඉන්ධන නිකුත් නොකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඒ පිළිබඳ සියලු ඉන්ධන පිරවුම්හල් ඊයේ දිනයේ දැනුවත් කළ බව එහි සම ලේකම් කපිල නාඔටුන්න පැවසුවා.

රට තුළ යළිත් කොවිඩ් අවධානම ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන විට සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස ඔහු වැඩිදුරටත් මහ ජනතාවගෙන් ඉල්ලා සිටියා.