hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 10, පෙ.ව. 5:17



මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය සම්පූර්ණ ඩීසල් ප්‍රමාණය සැපයීමට ලංකා ගමනා ගමන මණ්ඩලය මේ වනවිට තීරණය කර තිබෙනවා.

පසුගිය සමයේ මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාදීම සීමා කර තිබුණද ඊයේ (09) සිට මෙලෙස බස් රථ සඳහා ඉන්ධන සම්පූර්ණයෙන් ලබාදෙන අයුරු දැකගත හැකි වුණා.

මෙම තීරණයත් සමඟ දින කිහිපයක් අඛණ්ඩව සිය බස්රථ ධාවනය කිරීමට අවස්ථාව උදාවන බව පෞද්ගලික බස් රථ සේවකයින් පවසයි.

මේ අතර අද (10) සිට ලබන 14වනදා දක්වා බස්නාහිර පළාත තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 198කට ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලබාදෙන ආකාරය මෙහි දැක්වෙනවා.

එම පිරවුම්හල් ලැයිස්තුව පහතින්,