hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 15, පෙ.ව. 10:56



තණකොළ කපන යන්ත්‍ර හා විදුලි උත්පාදන යන්ත්‍ර වැනි විශේෂ කාණ්ඩ සඳහා මෙම මස අවසානයේ සිට QR පද්ධතිය යටතේ ඉන්ධන කෝටාවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මීට අදාළ තාක්ෂණික කටයුතු මේ වන විට කරමින් පවතින බවද ශ්‍රී  ලංකා තාක්ෂණ හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ දසුන් හෑගොඩ මහතා පැවසුවා.

තමන්ටත් ඉන්ධන කෝටාවක් දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම යන්ත්‍ර භාවිත කරන පුද්ගලයන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමක් අනුව වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.