hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 19, පෙ.ව. 10:31



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් තුනකට විකිණීම සම්බන්ධයෙන් පෙර සම්මත කර ගත් ප්‍රධාන කොන්දේසි තුනෙන් දෙකක් ඉවත් කර නැවත කැබිනට් මණ්ඩල සන්දේශයක් සම්මත කර ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කටයුතු කොට තිබෙනවා.

මේ වසරේ මාර්තු 27 වැනිදා සම්මත කරන ලද කැබිනට් සන්දේශයට අනුව ඉන්ධන වෙළෙඳපොළට හඳුන්වා දෙන නව සමාගම් තුන තෙල් අලෙවියෙන් ලබන ආදායම වසරක් යනතුරු එක්සත් ජනපද ඩොලර් හෝ වෙනත් විදේශ මුදලකට පරිවර්තනය කිරීමට නොහැකි සේ තිබෙනවා.

කෙසේ නමුත් විෂය භාර අමාත්‍යවරයා විසින් ඉකුත් මැයි 19 වැනිදා ඉදිරිපත් කරන ලද අංක 17/2023 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශයට ඉකුත් 06 අනුමැතිය ලබා ගනිමින් එකී කොන්දේසි ඉවත් කොට ආදායම කිසිදු සීමාවකින් තොරව විදේශ මුදල්වලට වහාම පරිවර්තනය කිරීමට ඉඩ ලබාදී ඇති බව සඳහන් වෙනවා.

එසේම මීට පෙර සම්මත කරගෙන තිබූ තෝරාගත් සැපැයුම්කරුවන් විසින් පුරස්කාර ගාස්තුවක් ලෙස මාසිකව ආනයනය කරනු ලැබූ ඛනිජ තෙල් නිෂ්පාදනයන්හි මුළු මාසික විකුණුම් වටිනාකමෙන් සියයට 1ක මුදලක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හෝ එහි නම් කරන ලද ආයතනයකට ගෙවිය යුතු බවට වූ නියමයද මෙහිදී දෙවැනි සංශෝධනය ලෙස ඉවත් කොට තිබෙනවා.

මෙරට තුළ ඉන්ධන අලෙවිය සඳහා චීනයේ සයිනොපෙක් සමාගමට ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට හා ඇමරිකාවේ ආර්.එම්.පාර්ක්ස් සමාගමට අවසර හිමිව තිබෙනවා.