hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ජූලි 16, පෙ.ව. 11:18



ඉන්ධන ලබාදීම ක්‍රමවත් කරන වැඩසටහනක් ඇරඹිමට රජය පියවර ගෙන තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ ඉන්ධන ලබා දීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම සිදු කරන බවයි.

හැඳුනුම්පත් අංක ක්‍රමයක් යටතේ සතිපතා ඉන්ධන කෝටාවක් වෙන් කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව එක් හැඳුනුම් පත් අංකයකට එක් වාහනයක් ලියාපදිංචි කරනු ලබන අතර වාහනයේ චැසි අංකය ඇතුළුව අනෙකුත් විස්තර තහවුරු කර ගැනීමෙන් පසුව QR කේතයක් අදාළ වාහන හිමියාට නිකුත් කෙරෙනු ඇත.

වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකය සහ QR කේතය අනුව සතියකට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් දින 02ක් වෙන් කිරීමට සැලසුම් කරන බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අද දහවල් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී දැනුම් දීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: