hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 මැයි 24, ප.ව. 4:55



මේ වන විට වාහන වලින් ඉන්ධන සොරා ගැනීමේ ජාවාරමක් ද දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වෙනවා.

ඒ අනුව මෝටර් රථ වල තිබෙන තෙල් සොරකම් කිරීමට ජාවාරම්කරුවන් පෙළඹී තිබෙනවා.

මෙවන් පසුබිමක මීරිගම පස්යාල පාරේ මල්ලැහැව හන්දිය ආසන්නයේ නිවාස දෙකක් තුළ නතර කර තිබූ කාර් රථ දෙකක පෙට්‍රල් බට කපා පෙට්‍රල් සොරකම් කර ඇති බව පොලිසිය පවසනවා.

කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් එම කාර්ථවල පෙට්‍රල් බට තියුණු ආයුධයකින් කපා පෙට්‍රල් සොරකම් කර ඇති බවත් එම මෝටර් රථවල පෙට්‍රල් ටැංකිවල පෙට්‍රල් ලීටර් 50 කට ආසන්න ප්‍රමාණයක් තිබුණේ යැයි රථ හිමියන් පවසන බවත් පොලිසිය සඳහන් කරයි.

මේ අතර අළුත්ගම පොලිස් වසමේ ස්ථාන කිහිපයකදී නිවාස වල දින කිහිපයක් පුරා රාත්‍රියේ නවතා තබන ත්‍රීරෝද රථ වල ඉන්ධන ටැංකි තුළ පුරවා තබන පෙට්‍රල් බටයක් මගින් ප්ලාස්ටික් බැරල් වලට පුරවා සොරකම් කර ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් ලද පැමිණිලි ඔස්සේ ක්‍රියාත්මක වී ඊට අදාළ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.