hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 11, පෙ.ව. 6:23



ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන් , නළු නිළියන් හා භික්ෂුන් වහන්සේලාගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කරන ලද තිළිණි ප්‍රියමාලි නමැති තරුණිය දැන්  රිමාන්ඩ් භාරයේ සිටී.භික්ෂුවක මුදල් තැන්පත් කර ඇතිවා මෙන්ම තවත් භික්ෂුවක සමග එක්ව රත්‍රං ලබාදෙන බව පවසමින් සැකකාරිය ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර ඇතැයිද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම චෝදනා සම්බන්ධයෙන්  ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නමද සඳහන්ව ඇති අතර උන්වහන්සේ පුවත්පත් අමතා තමන්ගේ සම්බන්ධයක් මීට නැති බව පවසා සිටිනවා.

ඥානසාර හිමියන් මෙසේ ද අදහස් දක්වා සිටියා,

“වංචාකරුවන්ට මුදල් දෙන්න තියා මට මේ මාසේ පන්සලේ ලයිට් බිලවත් ගෙවාගන්න බැරිවයි ඉන්නේ. ඕන කෙනෙකුට මට චෝදනා කරන්න පුළුවන් කෝටි ගණනක් මුදල් දුන්නා කියලා. මුදල් දුන්නානම් ඒවා ගැන හොයලා හෙළි කරන්න කියලා මම අභියෝග කරනවා. මට බැංකුවේ ගොඩක් ගිණුම් නැහැ. එක බැංකුවක විතරයි මගේ ගිණුමක් තිබෙන්නේ. ඒකේ තියෙන්නේ රුපියල් 10757ක් පමණයි. මට වී එයිට් ජීප් රථයක් දුන්නා කියලත් සමාජ මාධ්‍යවල කියනවා. මට වාහනයක් අරන් දුන්නේ විදේශ රටක ඉන්න මහත්තයෙක්. මේ සේරම බොරු කතා ගොතන ලද ඒවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: