2026 නොවැම්බර් 18, ප.ව. 3:55
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් අද (18) දින තහවුරු කළේය.
අදාළ දඬුවමින් තමන් වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ඉවත දමමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.
ඉස්ලාම් ආගමට අපහාස කිරීම සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්රහයේ 291 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් නඩුව පවරා තිබුණි.
එම චෝදනා වලට වැරදිකරු කෙරුනු ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේදී බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කළ අතර එම දඬුවමට එරෙහිව ඥානසාර හිමි අභියාචනයක් ඉදිරිපත් කළේය.
2026 නොවැම්බර් 18, ප.ව. 1:04
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:35
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:23
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:15
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:13